ප්‍රමුඛ පුවත 1

අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්‍ෂණ අරඹයි

(UTV| කොළඹ) – අගුණකොළපැලැස්ස රැඳවියන් සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් පැවැත්වේ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පැවසුවේ බන්ධනාගාරයේ රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව මෙහිදී සොයා බලෙන බවයි.

ඒ සඳහා විශේෂ කණ්ඩායමක් අද(22) දිනයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යැවෙනු ඇත.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ(21) පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත වී සිටියි.

ඒ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් යෙදවීමට විරෝධය පළ කරමිනි.

නිරික්ෂණ කුළුණ මතට නැග 40 දෙනෙකුගෙන් පමණ සමන්විත රැඳවියන් පිරිසක් පළමුවෙන්  විරෝධතාවය ආරම්භ කළ අතර පසුව තවත් පිරිසක් එම විරෝධතාවයට එක්ව තිබුණි.

ඊයේ රාත්‍රියේ ද ඔවුන් කුළුණ මතට වී විරෝධතාවයේ නිරත වී සිටි බව වාර්තා වෙයි.

මෙම රැඳවියන්ට සිරමැදිරි තුළින් පිටතට පැමිණිමට හැකි වූයේ කෙසේ ද යන්න ගැටලු සහගත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිංස්කරණ අමාත්‍යාංශය පවසයි

ඒ සඳහා බන්ධනාගාර නිලධාරින්ගේ සහය හිමිවී ඇද්ද යන්න පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වේ.

ඊට සී.සී.ටී.වී දර්ශනද උපයෝගි කර ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චම්පික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේඡ්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට ළඟා වෙයි

Mohamed Dilsad

අතුරු තහනම දිර්ඝ කෙරේ..

Mohamed Dilsad

Leave a Comment