ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ අද විශේෂ මහාධිකරණයට එයි

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19)  ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණ තිබේ.

ඒ තංගල්ල ,වීරකැටිය,මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලූ පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවට අදාළවය.

එහිදී ප්‍රථම වරට සැප්තැම්බර් 10 වන දා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 7 දෙනෙකු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී මෙම  චූදිතයන්ට අධි චෝදනා භාර දෙනු ලැබීය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අවසන් වරට පසුගිය 9 වනදා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර  එදින මෙම නඩුව අද(19) සිට අඛන්ඩව විභාග කිරීමට විශේෂ මහාධිකරණය තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ආරුමුගම් තොණ්ඩමන් සහ සී.වී. විග්නේෂ්වරන් අතර හමුවක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තිය නිසා ගම් දෙකක් වැසේ

Mohamed Dilsad

Leave a Comment