ප්‍රමුඛ පුවත 1

සවස් කාලයේදි වැසි

(UTV| කොළඹ) – දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරියටද පවතින බව කාළගුණවිද්‍යාදෙපාර්තුමේන්තුව පවසයි.

ඊට අමතරව 20 සහ 21 දිනවලදී වර්ධනය විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද (18) නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.

අද දිනයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්

උතුරු , බස්නාහිර, වයඹ සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ,මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවද පැවසේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණවිද්‍යා දෙපාර්තුටම්න්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

වෛද්‍යවරුන්ගේ දීමනා ඉහළට

Mohamed Dilsad

යාල වනෝද්‍යානය දෙමසකට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment