ප්‍රමුඛ පුවත 1

විදෙස් රැකියා ජාවාරමක නිරත වූ අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් හා කුලී පදනම මත වාහන ලබා ගෙන වංචාවන් සිදුකළ සැකකරුවෙකු පානදුර, පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු පානදුර, බණ්ඩාරගම, මතුගම, කළුතර, ඇල්පිටිය, මාතර හා රඹුක්කන යන ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මෙම මූල්‍ය වංචා සිදුකර ඇති බවයි.

ඔහු සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ගෙන් ලබා ගත් මොටර් රථ 04 ක් හා ජීප් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ව ඇත්තේ 41 හැවිරිදි පානදුර පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයට පෙර මහ බැංකු අධිපති තනතුරෙන් ඉවත් වීමට යයි

Mohamed Dilsad

වැල්ලේ සුරංගගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

ඇමති රිෂාඩ් ක්වාලාලම්පූර් බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment