ප්‍රමුඛ පුවත 1

අනාරක්ෂිත ළිඳක වැටී සිටි අලි පැටවකු බේරා ගැනේ

(UTV|වවුනියාව) – වවුනියාව නාමල්ගම ප්‍රදේශයේ ගෙවත්තක අනාරක්ෂිත ළිඳක වැටී සිටි මාස තුනක් පමණ වූ අලි පැටවකු වවුනියාව අඩවිවන නිළධාරීන් විසින් පොලිසියේ හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව බේරාගෙන උඩවලව ඇත්අතුරු සෙවණවෙත යැවීමට ඊයේ (07) දහවල් කටයුතු කල බව වවුනියාව වනජීවී අඩවි නිළධාරී කාර්යාලය පවසයි.

ඊයේ (06) සවස මෙම අලි පැටවා ආරක්ෂිත විදුලි වැටෙන් රිංගා ගම්මානයට පැමිණඇති බවත් එම අවස්ථාවේ ගම්වාසීන් විසින් අලි පැටවා වනයට මුදා හැරීම සඳහා අල්ලා ගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ත වූ බවත්  ගම්මානයපුරා ගමන්කල අලි පැටවා පෙරේදා (06) රාත්‍රී ළිඳකට වැටී ඇති බව දැනගත් විගස වනජීවී නිළධාරීන් හා පොලිසිය දැනුවත් කල බව ප්‍රදේශවාසීන් පැවසීය.

අනතුරුව වනජීවී නිළධාරීන් විසින් පොලිසිය හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පෙරේදා (06) රාත්‍රීයේම ඩෝසර් යන්ත්‍ර යොදා බැම්ම කපා අලි පැටවා ගොඩ ගත් බව වනජීවී නිළධාරීන් පවසයි.

වන ජීවී නිළධාරීන් ප්‍රකාශකළේ අලිපැටවා වැටී සිටි ලිඳේ කිඹුලෙකුද ඇති බැවින් කිඹුලාගෙන් අනතුරක් සිදුවීමට පෙර කඩිනමින්  අලිපැටවා ගොඩගැනීමට සිදු වූ බවයි.

ගොඩගත් අලිපැටවා වවුනියාව කලාප භාර පශුවෛද්‍ය නිළධාරී බී.ගිරිදරන් මහතා පරික්ෂා කිරීමෙන් අනතුරුව අලිපැටවාගේ පාදවල සිදුව තිබූ තුවාල වලට ප්‍රතිකාර කිරීමට කටයුතු කල බවත් වවුනියාව වනජීවී නීළධාරීන්ගේ මැදිහත් වීමෙන් ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරීම් වලදී අලි පැටවාගේ මව හෝ අලිරංචුව සොයා ගැනීමට නොහැකි වීම නිසා මෙම අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණ වෙත යැවීමට  කටයුතු කල බවත් වවුනියාව වනජීවී අඩවි කාර්යාලය සඳහන් කරයි.

ලිදෙහි වැටී ඇති කිඹුලා ගොඩ ගෙන ආරක්ෂිත ප්‍රදේශයකට මුදාහැරීම සඳහා කටයුතු කිරීමට නියමිත බව වවුනියාව වනජීවි නිළධාරීන් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා’ අගමැති කියයි

Mohamed Dilsad

ඇමති ගාමිණී ජයවික්‍රම ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

මෙරට ඩිජිටල්කරණය වේගවත් කරලීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ සහය

Mohamed Dilsad

Leave a Comment