ප්‍රමුඛ පුවත 1

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකා නෞකා දෙකක් කොළඹට

(UTV| කොළඹ) – ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට JMSDF අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට පැමිණ තිබේ.

‘කාගා’ සහ “ඉනසුමා”  යන නෞකාවන් මෙලෙස සුහද සංචාරයක් සඳහා ඊයේ ( 30) කොළඹ වරායට සේන්දු වු බවයි සඳහන් වේ.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

‘කාගා’ නෞකාව දිගින් මීටර් 248 ක් හා ධාරිතාවය ටොන් 19,950 කින් යුක්ත වන අතර,  400 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි.

“ඉනසුමා”   නෞකාව දිගින් මීටර් 151 හා ධාරිතාවය ටොන් 4,550 කින් යුක්ත වන අතර, එහි නැව් මුළුව 170 කි.

දින 05 ක නිල සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාවන්, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.

නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් 04 වන දින මෙම නෞකාවන් ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතරදී ඔරුවක් පෙරලී තිදෙනෙකු මරුට

Mohamed Dilsad

පසුගිය රජයේ චෝදනා එල්ල වූ මැති ඇමතිවරු ගැන කඩිනමින් පරීක්‍ෂණ [VIDEO]

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අද වැසි වැඩි වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment