විදෙස්

ඇමරිකාව ජගත් මහ මණ්ඩලයේදී, ඉරානය විවේචනය කරයි

UTV | COLOMBO – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ 73 වන මහ මණ්ඩල සැසිය අමතමින් ඉරානය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා.

මැද පෙරදිග තුළ ව්‍යාකූලත්වයක් සහ විනාශයක් ඇති කිරීමට ඉරානය කටයුතු කරමින් ඇති බවටයි ඔහු චෝදනා කළේ.

ඇමරිකාවෙන් ආධාර ලබා ගන්නා රටවලට හදවතින්ම එම සහයෝගය ලබාදෙන බව ද ට්‍රම්ප් මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත්, ඇමරිකාවට ගරුත්වය දක්වන සහ මිතුරු රාජ්‍යයන්ට පමණක් අදාළ විදේශීය ආධාර ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු මහා මණ්ඩල සැසියේදී තවදුරටත් ප්‍රකාශ කළේ.

Related posts

ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ගින්නකින් 50ක් මරුට

Mohamed Dilsad

WhatsApp වලට අළුත් වෙනසක්

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment