ක්‍රීඩා

“කුණු තැවරුණු ඇඳුම් මහජනතාව ඉදිරියේ සේදීම නොකළ යුතුයි” උඩුදුවන ක්‍රිකට් අවුලට මහේලගෙන් සැර කතාවක්

UTV | COLOMBO -ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලයේදී සිදුවූ සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සිය පුද්ගලික ට්ව්ටර් ගිණුමට සටහනක් එක්කර තිබෙනවා.

එහිදී මහේල පවසන්නේ කුණු තැවරුණු ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු බවයි.

හෑඟීම්බරව ගන්නා තීරණ හැම අවස්ථාවකදීම නිවැරදි නොවන බව ඔහු එම ට්ව්ටර් සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

සිදුකළ යුතු හොඳම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වඩා හොඳම දේ කුමක්දැයි යන්න සිතීම බවත් හැඟීම්බර නොවී තීරණ ගත යුතු බවත් ඔහු එහිදී සඳහන් කරනවා.

Related posts

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

මෙවර IPL තරඟාවලිය ඩුබායිහි දී

Mohamed Dilsad

වැටුප් කප්පාදුව නිසා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර මත ගැටුමක්

Mohamed Dilsad

Leave a Comment