ප්‍රමුඛ පුවත 1

ගෝටාභයගෙන් CIDය පැය තුනහමාරක් ප්‍රශ්න කරයි.

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ය.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් යළි ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා පසුගිය නඩු වාරයේ අධිකරණයට දැනුම් දී තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේ ඒ අනුව කළ කැඳවීමකට අනුව ය.

එහිදී පැය තුනකට වැඩි කාලයක් හිටපු ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පස්වරු 1.40ට පමණ ඉන් පිටත්ව් ගියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මදුෂ්ගේ කල්ලියේ තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රථිපල දැන් අන්තර්ජාලයේ

Mohamed Dilsad

Leave a Comment