ප්‍රමුඛ පුවත 1

අධික උෂ්ණත්වය මේ මාසය අවසන් වන තුරු

(UTV| කොළඹ) – පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය මේ මස අවසානය වන තෙක් පවතින බවට අනාවැකි පල වෙයි.

නමුත් පවතින වියලි කාලගුණය නිමාවට පත් කරමින් අද දිනයේ උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එහි අනාවැකිරණ අංශයේ අධ්‍යක්‍ෂිකා අනූෂා වර්ණසූරිය සඳහන් කළේ සුළෙඟ් වේගය අඩුවීම සහ වළාකුළු රහිත අහසක් පැවතීම අධික ඌෂ්ණත්වයට හේතුවී ඇති බවයි.

මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ උතුරු පළාතටයි.

කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට ද වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනය සරසවියේ ගැටුමකින් සිසුන් 11ක් රෝහලේ

Mohamed Dilsad

ජනපති කොළඹ ජාතික රෝහලට

Mohamed Dilsad

වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳසැල් වටලයි

Mohamed Dilsad

Leave a Comment