ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ අද (10) විශේෂ මහාධිකරණය හමුවට

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු හත්දෙනා අද (10) විශේෂ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.

තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලු පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා පසුගිය අගෝස්තු 24 වනදා මෙම නඩුව පවරා තිබුණි.

විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරනු ලැබූ දෙවන නඩුව අද (10) සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

එහි විත්තිකරුවන්ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කර තිබුණේ පසුගිය 27 වනදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගොතටුව වෙඩි තැබිමකින් අයෙක් මරුට

Mohamed Dilsad

අයි.එස්.අයි.එස් මෙහෙයුම ගැන රනිල්ගෙන් ට්‍රම්ප්ට සුභ පැතුම් [VIDEO]

Mohamed Dilsad

පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment