ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ අද (10) විශේෂ මහාධිකරණය හමුවට

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු හත්දෙනා අද (10) විශේෂ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.

තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලු පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා පසුගිය අගෝස්තු 24 වනදා මෙම නඩුව පවරා තිබුණි.

විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරනු ලැබූ දෙවන නඩුව අද (10) සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

එහි විත්තිකරුවන්ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කර තිබුණේ පසුගිය 27 වනදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් කෝප් කමිටු අනාවරණයක්

Mohamed Dilsad

හැටන් දුම්රිය ස්ථානයේදී දුම්රිය බලවේග කට්ටලයක් පීලි පනී

Mohamed Dilsad

නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වැඩ භාර ගනි

Mohamed Dilsad

Leave a Comment