ප්‍රමුඛ පුවත 1

ආණමඩුව ආපනශාලාවකට පහර දුන් මැර කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට

(UTV|පුත්තලම) – ආණමඩුව, ආඩිඟම ප්‍රදේශයේ ආපන ශාලාවකට කඩාවැදී එහි දේපොළවලට හානි කළ සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 18 වන දා රාත්‍රියේ මෙම පහරදීම සිදුවූ අතර ඊයේ(19) රාත්‍රී 10 .00ට පමණ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මේ අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලීසිය පැවසී ය.

මෙම පහරදීම සිදු කරන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබු අතර එම දර්ශන ඇසුරෙන් සැකකරුවන් හඳුනා ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

වියළි කාලගුණ තවත් දින කිහිපයක්

Mohamed Dilsad

42 වන මානව හිමිකම් සමුළුව අද ජිනීවාහිදී

Mohamed Dilsad

බාල ඖෂධ, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය රැසක් රෝහල් වලින් ඉවතට

Mohamed Dilsad

Leave a Comment