ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට හා විෂමතා ඉවත් කිරීමට නව වැටුප් කොමිෂන් සභාවක්

(UTV| කොළඹ) – සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට මෙන්ම දුම්රිය සේවාව ඇතුලු වැටුප් විෂමතා පවත්නා ඇතැම් සේවාවන්හි එම විෂමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැටුප් කොමිසමක් පත්කරනු ලැබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මෙම වැටුප් කොමිසම පත්කිරීමට  ඊයේ දින (14) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. රාජ්‍ය අංශයේ දැනට පවත්නා වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නාවූ වැටුප් චක්‍රලේඛවල විධිවිධාන කෙරෙහිද අවධානය යොමුකර ඒ හරහා රාජ්‍ය සේවයට ඇතිවන්නා වූ බලපෑම් අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කොමිසමට මාස දෙකක කාලයක් ලබාදී ඇත.

මෙම කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි දුම්රිය සේවාවද ඇතුළු වැටුප් විෂමතා පවත්නා රාජ්‍ය ආයතනවල වැටුප් විෂමතා ඉවත් කරමින් සමස්ත රාජ්‍ය සේවය සඳහාම නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අයවැය සදහා අනුමැතිය ලබාගැනීමේ පත‍්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට.

Mohamed Dilsad

මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම ගැන මන්ත්‍රී සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්.

Mohamed Dilsad

සයිටම් විරෝධයට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment