ප්‍රමුඛ පුවත 1

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට තහනම් නියෝගයක්

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව සේවකයින්ට උසස් වීම් හා වැටුප් වර්ධක ලබාදීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට තහනම් නියෝගයක් නිකුත් කළේය.

ලංකා ගමන මණ්ඩලයේ සේවකයින්ට නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාදීම හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක වෘත්තීය සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් පෙන්වා දී තිබුණේය.

අදාළ පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ ලබන මස 29 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම තහනම් නියෝගය ලබා දුන්නේය.

Related posts

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පානීය ජල අර්බුදය පිලිබඳ සෞඛ්‍ය අංශයේ අවධානය

Mohamed Dilsad

සමූපකාර දින ජාතික සැමරුම් උළෙල මඩකලපුවේදී සැමරේ

Mohamed Dilsad

ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment