ව්‍යාපාරික

මෙට්‍රොපොලිටන් – පැනසොනික් හවුල වැඩ අරඹයි

(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව තුළ සිය නවතම බෙදාහැරීමේ නියෝජිත ලෙස මෙට්‍රොපොලිටන් ටෙලිකොම් සර්විසර්ස් (පෞද්ගලික) සමාගම පත්කර ඇතැයි පැනසොනික් සමාගම නිවේදනය කරයි.

මේ බව නිවේදනය කෙරුණේ පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

මෙහිදී මෙරට අලෙවි වීමට නියමිත පැනසොනික් සමාගමේ නවතම ජංගම දුරකතන කිහිපයක් ද  මෙහිදී  ප්‍රදර්ශනය කෙරුණි.

මෙලෙස ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් නවතම පැනසොනික් ජංගම දුරකතන වලට ඇන්ඩ්‍රොයිඩ් මාෂ්මෙලෝ මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වන Eluga Mark 2, Eluga PRIM, P88, P77 හා T 44 මාදිලි ද, ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වන T30 මාදිලියද අයත්වේ.

මෙට්‍රොපොලිටන් සමාගමේ අධ්‍යක්ෂක – සංජීව් ආරියරත්න, අලෙවි අංශ ප්‍රධානී – නාලක ධර්මසූරිය, සන්නාම නාම කළමනාකරු – ඊ.එම්. තරින්ද්‍ර නිරෝෂන් ද පැනසොනික් සමාගමෙන් තකුයා සුනාහන්සෙ, ප්‍රනේ ධබානි හා ශිවේන්දර් මල්හෝත්‍රා මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ ආරියරත්න මහතා පවසා සිටියේ ජංගම දුරකතන ක්ෂේත්‍රයේ නවතම ජපන් තාක්ෂණය මෙරටට හඳුන්වාදීමට පැනසොනික් සමාගම හා එක්වීමට ලැබීම ඉමහත් ගෞරවයක් බවය.

 

Related posts

රන් පවුම ලක්ෂ 4 ට ළඟාවෙයි

Editor O

වී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්

Editor O

බොරතෙල් මිල පහතට

Mohamed Dilsad

Leave a Comment