ප්‍රමුඛ පුවත 1

දුම්රිය ධාවනය යතා තත්ත්වයට

(UTV| කොළඹ) – අද(13) දිනය තුළ සියලු දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

එස්.එම් අබේවික්‍රම මහතා පැවසුවේ අද පස්වරුවේ සිට සියලු කාර්යාල දුම්රිය ගැටළුවකින් තොරව ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ගන්නා බවයි.

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පසුගිය බදාදා පස්වරු 03.00 සිට ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාම්ර්ගය ඊයේ(12) පෙරවරුවේ අත්හිටුවිමට තීරණය කළේය.

ඒ අනුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත ද ඊයේ දිනයේදී දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

ඊයේ රාත්‍රීයේ තැපැල් දුම්රිය ගැටළුවකින් තොරව ධාවනය වූ අතර ගාල්ල තැපැල් දුම්රිය ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂ තේරීම් කාරක සභාව අදත් රැස්වේ

Mohamed Dilsad

කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය අද වර්ජනයේ

Mohamed Dilsad

කොරෝනා වෛරසය පාලනය කිරීමට ගෙන ඇති පියවර තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment