ප්‍රමුඛ පුවත 1

“ලුර්දුනගර්” 102 වැනි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

(UTV| කොළඹ) – නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන “සැමට සෙවණ” ජාතික නිවාස වැඩසටහනට සමගාමීව මන්නාරම, නානාට්ටාන්, නරුවිලික්කුලම්, හි ඉදි කළ “ලුර්දුනගර්” 102 වැනි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදිුයුදීන්, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් 05දා ජනතා අයිතියට පත් කෙරෙණි.

මෙම ආදර්ශ ගම්මානය නිවාස 23කින් සමන්විතය. මෙම උත්සවයට සමගාමීව, බිම් කොටස්වල හිමිකම් එම ජනතාවට ලබාදීම, “සොඳුරු පියස” නිවාස ණය ප්‍රධානය, ප්‍රතිලාභීන් 400ක් සඳහා විසිරි ණය චෙක්පත් ප්‍රධානය කිරීම, “ශිල්ප සවිය” පුහුණුලාභීන් 238ක් සඳහා ප්‍රතිලාභ ලබා දීම, ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

“සත්‍යයට වඩා වේගයෙන් අසත්‍යය පැතිර යන බැවින් මාතෘභූමියට එරෙහි බොරු ප‍්‍රචාරයන්ට රැවටෙන්න එපා” – ජනපති

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ඇ.ඩො. මිලියන 100ක ණයක්

Mohamed Dilsad

Leave a Comment