ප්‍රමුඛ පුවත 1

තද සුළඟින් අම්පාරේ නිවාස රැසකට හානි

(UTV| කොළඹ) – අම්පාර ප්‍රදේශය හරහා අද පස්වරුවේ හමාගිය තද සුළඟකින් නිවාස 76කට හානි සිදුව තිබේ.

අම්පාර ග්‍රාම නිලධාරී කොට්ඨාසය, නවගම්පුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නිවාස 40ක්, කරංගාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නිවාස 30 ක් සහ සමන්තුරෙයි නිවාස 6 හානියකට පත් ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ, හානියට පත් නිවාස සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

මේ අතර බස්නාහිර, මධ්‍යම , සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට හෙට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලට පස්වරු 2 න් පසු ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගංවතුරෙන් විපතට පත් ජනතාවට වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්.

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

විරෝධතා හේතුවෙන් රථ වාහන තදබද

Mohamed Dilsad

Leave a Comment