ප්‍රමුඛ පුවත 1

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ

(UTV| කොළඹ) –  අද(28)ත් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 06ක විදුලිය අත්හිටුවිමට සිදු වන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුක්තක් හේතුවෙන් අදාළ කාලසීමාව තුළ විදුලිය අත්හිටුවන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා කාලය තුළ විදුලිය අත්හිටුවන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව කොළඹ 03, 04, 05, 07 සහ 08 යන ප්‍රදේශ සඳහා අදාළ කාලසීමාව තුළ විදුලිය අත්හිටුවනු ඇත.

මීට අමතරව ලබන 31 වන දින දක්වා ඇතැම් ප්‍රදේශවලට කඩිනම් විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම ශක්තිමත් කර ගැනීමට දෙරටේ ජනාධිපතිවරු එකඟතාවයක

Mohamed Dilsad

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය අද.

Mohamed Dilsad

තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව යළි කල් යයි

Mohamed Dilsad

Leave a Comment