ප්‍රමුඛ පුවත 1

ඉරානයේ පැවති ඔලිම්පියාඩ් තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

(UTV| කොළඹ) – ඉරානයේ ටෙහෙරාන් නුවර මෙවර පැවැත්වූ අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශක්ති සේනාරත්න ශිෂ්‍යයා ලෝකඩ පදක්කමක් ජයග‍්‍රහණය කරයි.

ජූලි මස 15 සිට 22 දක්වා මෙම තරඟය පවත් වුණි.

මෙහිදී ශ‍්‍රී ලංකාව නියෝජනය කළ අනෙකුත් සිසු සිසුවියන් වන්නේ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ජී. ගුණසිංහ, කොළඹ ආනන්ද විද්‍යාලයේ චමෝද් මධුශංක එදිරිසිංහ සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ උදාරා සමරනායකයි.

එහි කණ්ඩායම් නායකයන් ලෙස මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සහ මහාචාර්ය ජයන්ත විජේරත්න මහතා සහභාගි විය.

මෙවර මෙම තරගාවලියට රටවල් 78 කින් සිසුන් 270 ක් සහභාගි ඇත.

අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඞ් තරගාවලිය වාර්ෂිකව විවිධ රටවල උසස්පෙළ පාසල් සිසුන් අතර පැවැත්වෙන තරගයකි.

මෙම තරගයේදී සිසුන් ඔවුන්ගේ ජීවවිද්‍යාත්මක දැනුම , ජීවවිද්‍යාත්මක සිද්ධාන්ත සහ ප‍්‍රායෝගික දැනුම, කුසලතා සහ නිර්මාණශීලී භාවය ගැටලූ විසඳීම සඳහා ඔවුන් යොදා ගන්නා ආකාරය ඒ සඳහා ඔවුන් සතු හැකියාව මෙහිදි පරීක්ෂා කෙරේ.

ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති මෙවර මෙම තරගාවලියෙන් වියට්නාමය, චීනය සහ තායිවානය ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදහස ලබයි.

Mohamed Dilsad

පීඩන බෝම්බයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ.

Mohamed Dilsad

පාකිස්ථාන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපති හමුවේ[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment