ප්‍රමුඛ පුවත 1

ගෝඨා ජනපති අපේක්ෂක කී නිවේදනය ගැන විශේෂ නිවේදනයක්

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කරන ලද කුඨ ලේඛනයක් ඊයේ (17) දිනයේ කිසියම් පිරිසක් සමාජ ජාල වලට මුදා හැර ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

අදාළ කුඨ ලේඛනය තුලින් හිටපු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් නම් කර ඇති බව ප්‍රකාශ වි ඇති බව රොහාන් වැලිවිට මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ අනුව ඊළග ජනාධිතිවරණට අපේක්ෂකයෙක් හිටපු ජනාධිපතිවරයා විසින් තවම නම් කර නොමැති බවත් හෙතෙම සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

එසේම පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මගින් නොකරන බවත් එය ප්‍රසිද්ධ ස්ථානයක තමන් පුද්ගලිකව සිදු කරන බව හිටපු ජනාධිපතිවරයා දැනුම් දී සිටින බවත් රොහාන් වැලිවිට මහතා නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

සම්පුර්ණ නිවේදනය පහතින්..

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/release.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇල්පිටිය ජයගත් සභිකයන් ඉදිරි දින දෙක තුල ගැසට් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නෞකා 20ක් පමණ ගිලී ඇති බවට තොරතුරු

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක සිදු කල සෝදිසි මෙහෙයුම් වලින් විසිහත් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment