ප්‍රමුඛ පුවත 1

මාතලේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

(UTV|මාතලේ) – මාතලේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8 සිට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, ඒ අනුව පළාපත්වෙල ප්‍රාදේශීය සභා සිමාව මාතලේ නගර සභා සිමාවේ රත්තොට හන්දියේ සිට ඒ 9 මාර්ගයේ ප්‍රාදේශීය සභා සීමාව දක්වා ප්‍රදේශය අලුවිහාර පන්සල අවට ප්‍රදේශය පළා පත්වල නගරය හා අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

පළාපත්වල කලාපයට ජලය පොම්ප කරන නල මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති ගෝඨාභය දිවූරුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

රටින් ත්‍රස්තවාදය අතුගා දැමීමට උපරිම සහය -ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

මගීන් පුරවාගෙන නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවා

Mohamed Dilsad

Leave a Comment