Trending News

ක්‍රිකට් වලින් රටවල් අතර සහයෝගීතාවය ගොඩනගන හැටි අගමැති පහදයි

(උදයම්,කොළඹ )  – ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර මිත්‍රත්වය තහවුරු කරලීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි.

කැන්බරා නුවර ඊයේ පැවති  ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු විස්සයි විස්ස තරඟයට පෙර පැවති භෝජන සංග්‍රහයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කළේ්  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි විස්ස තරඟ මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කළ පළමු අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබාදුන්නේ දෙරටේ මිත්‍රත්වය නිරූපනය කරන සංකේතයක් ලෙස බවය.

ශ්‍රී ලංකාවේ සහ  ඕස්ට්‍රේලියාවේ සමානකම් අතර ක්‍රිකට් පිලිබඳ ඇති උනන්දුව ප්‍රධාන තැනක් ගන්නා බව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ඊයේ අග්‍රාමාත්‍යවරුන් දෙපළ කැන්බරා නුවර පැවති මෙම විස්සයි විස්ස පුහුණු තරගය නැරඹීමටද එක්වුහ.

එම තරඟයේ කාසියේ වාසිය උරගා බැලීම යොදා ගෙන ඇත්තේද ශ්‍රී ලංකා කාසියක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Related posts

UN-affiliated HWPL hosts global leaders to collaborate for peaceful reunification of two Koreas

Mohamed Dilsad

இன்றைய வானிலை…

Mohamed Dilsad

பெண்ணைக் கொடூரமாகத் தாக்கிய கட்சித்தலைவர்…

Mohamed Dilsad

Leave a Comment