ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයා අද හයවන ලෝක වනාන්තර සතියේ සැමරුම් සමුළුව ඇමතීමට සුදානම්

(UTV| කොළඹ) – ඉතාලියට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) හයවන ලෝක වනාන්තර සතියේ සැමරුම් සමුළුව ඇමතීමට නියමිතය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ දේශනයක් වෙන්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙම සමුළුව සංවිධාන කරන අතර තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට වනාන්තරවලට ලබා දිය හැකි දායකත්වය පිලිබඳ  විමසා බැලීම මෙම සමුළුවේ අරමුණ වී තිබේ.

මෙම සමුළුවෙන් අනතුරුව ජනාධිපතිවරයා හෙට(17) ජෝර්ජියාවේ සංචාරයක් සඳහා පිටත්ව යනු ඇත.

ඒ විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුව සඳහා සහභාගිවීම සඳහායි.

ලබන 19 වනදා දක්වා ජනාධිපතිවරයා එහි රැඳී සිටින බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහරගම අපේක්ෂා රෝහලට ප්‍රමාණවත් ඖෂධ ලබාදීමට පියවර.

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ් කිසිම විටෙක බලපෑමක් කලේ නෑ – හමුදාපතිවරයා තේරීම් කාරක සභාව හමුවේ කියයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment