ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය මැඬලීමට ත්‍රිවිධ හමුදාවට බලතල

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස වන යෝජනාව අමත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම වඩාත් සර්ථකව මැඬපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය වැඩිවශයෙන් ලබාගැනීම මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැකකටයුතු කාන්තාවෝ දෙදෙනෙක් රත්මලනේදී අත්අඩංගුවට

Mohamed Dilsad

සම්පායෝ අධිකරණයට රැගෙන යයි

Mohamed Dilsad

ඥානසාර හිමිට ඇප, නමුත් විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment