ප්‍රමුඛ පුවත 1

බස් අනතුරකින් සිසුන් දෙදෙනකු මරුට

(UTV| කොළඹ) – දෙයියන්දර හක්මන මාර්ගයේ පිටවල්ගමුව ප්‍රදේශයේ දී බස් රථයක් හා යතුරු පැදියක් ගැටී පාසල් ළමුන් දෙදෙනෙක් මිය ගොස්  ඇති බව පොලිසිය පවසයි.

අද(04) උදෑසන 6.45 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

බස් රථයට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුන් දෙදෙනා නරවැල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ, පේදුරුහේවා කංකානම්ගේ කැලුම් සඳරුවන් නැමති වයස අවුරුදු 16 ක් වු කළුවලාකැටිය, දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර, අනෙක් සිසුවා ගුරුසිංහගේ ඉන්ද්‍රජිත් කුමාර නැමති වයස අවුරුදු 19 ක් වු දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීර නරවැල්පිට රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙයියන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත පිරිස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

Mohamed Dilsad

2019 සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාවට තවත් සහතිකයක්.

Mohamed Dilsad

අද රාත්‍රියේ 6% ක විශාල සුපිරි සදක්…

Mohamed Dilsad

Leave a Comment