ප්‍රමුඛ පුවත 1

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල අඩු කෙරේ

(UTV| කොළඹ) – කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල ද අඩු කෙරේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවසුවේ කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිල්න්ඩරය රුපියල් 25 කින් අඩුකර ඇති බවයි.

පසුගිය ජුනි මස 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට සාපේක්ෂව කුඩා ගෑස් සිලින්ඩර මිල ද අඩුකළ බව රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

තවදුරටත් පැරණි මිලට ගෑස් විකුණන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වැටලීම් සිදු කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියට අමාත්‍යවරයා  නියෝග ර තිබේ.

එවැනි වංචනික වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමෙන් පසු වැරදිකරුවන් වුවහොත් රුපියල් පන්දහසේ සිට පනස් දහස දක්වා දඩ නියම කිරීමට හෝ බන්ධනාගාර ගත කිරීමට මෙන්ම එම දඩුවම් දෙකම නියම කිරීමට හැකියාව පවතින බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මත්ද්‍රව්‍ය ජාවරකරුවන්ට මරණ දඬුවම දෙන්නැයි ජනපති යළිත් ඉල්ලයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව බහරේන් රාජ්‍ය වෙත කරන ලද අපනයන ප්‍රමාණය ඉහළට

Mohamed Dilsad

කටාර් විසින් සංචාරක තහනමක් පනවයි

Mohamed Dilsad

Leave a Comment