ප්‍රමුඛ පුවත 1

ආයුර්වේද ඖෂධ අළෙවිසල් වලට නව ප්‍රමිතියක්

(UTV| කොළඹ) – ආයුර්වේද ඖෂධ අළෙවිසල් ප්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යාම සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ අවට හා පිට පළාත්වල පවත්වාගෙන යන බොහෝ ආයුර්වේද ඖෂධ අලෙවිසල් ඉතාමත් අපිරිසිදු  තත්ත්වයක පවතින බවත් ඖෂධ නිපදවීමට අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නා සහ කසාය සඳහා යොදා ගන්නා
ඖෂධ වර්ග බිමදමා තිබීම නිසා දූවිලි බැදීමෙන් ඒවයේ ගුණාත්මකභාවය මෙන් ම සෞඛ්‍යයට ද අහිතකර බවත් අමාත්‍යවරයා පැවසී ය.

මේ නිසා බටහිර ඖෂධ අලෙවි කරන ඔසු සැල් මෙන් ආයුර්වේද ඖෂධ වෙළෙඳසල් ද පවත්වාගෙන යාම සඳහා  අවශ්‍ය නීති ඉක්මනින් ම ගෙන ඒමට පියවර ගන්නා බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසි ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් අධිකාරීවරුන් රැසකට උසස් වීම් [PRESS RELEASE]

Mohamed Dilsad

කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ජලයෙන් යට වෙයි[VIDEO]

Mohamed Dilsad

ගතවූ දින 25 ට ඩෙංගු රෝගීන් 3708ක්.

Mohamed Dilsad

Leave a Comment