ප්‍රමුඛ පුවත 1

මුලතිව් ප්‍රදේශයේ සිදුවූ පිපිරීම යුද ටැංකි නාශක බිම් බෝම්බයක් විය හැකි බවට තොරතුරු

(UTV| කොළඹ) – මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි පෞද්ගලික ඉඩමක ඊයේ (04) පස්වරුවේ කිසියම් පිපිරීමක් සිදුවී ඇති අතර , මෙලෙස පුපුරා ගොස් ඇත්තේ කලකට ඉහත දී වළ දමා තිබූ යුද ටැංකි නාශක බිම් බෝම්බයක් විය හැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඉඩමේ හිමිකරු සහ තවත් පිරිසක් කෘෂිකාර්මික කටයුත්තක් සඳහා මෙම ඉඩම එළි පෙහෙළි කර තිබෙන අතර , පසුව කසල තොගය ඉඩමේ එක් පසෙක ගොඩ ගසා ගිනි තබා ඇති බවත් වාර්තා වෙයි.

පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව සහ මුල්ලියාවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක් පෙරළෙයි

Mohamed Dilsad

හෙට සිට දින 8 ක් නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයි

Mohamed Dilsad

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment