ප්‍රමුඛ පුවත 1

විදෙස් තැපැල් මළු දහසක් ගුවන්තොටුපලේ හිරවෙයි

(UTV| කොළඹ) – මේ වන විට විදෙස් තැපැල් මළු දහසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගොඩ ගැසී ඇති බව වාර්තාවේ.

ඒ මේ වන විට ක්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය හේතුවෙනි.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පැවසුවේ මුද්දර අලෙවිය, කූරියර් සේවා, මුදල් ඇණවුම් ඇතුළු විවිධ මාර්ගවලින් තැපැල් දෙපාර්තමේන්තුවට අති විශාල අලාභයක් සිදුව ඇති බවයි.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීම සහ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ රැකියාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින්  තැපැල් සේවකන් ආරම්භ කළ වර්ජනය අද 05 වන දිනටත් ක්‍රියාත්මකයි.

මෙම වැඩවර්ජනය නිසි විසඳුම් ලැබෙනතුරු අඛණ්ඩව සිදුකරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තාන ජාතකයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

මීළඟ මහමැතිවරණය ලබන වසරේ අප්‍රේල් මස ?

Mohamed Dilsad

Leave a Comment