ප්‍රමුඛ පුවත 1

‘වයඹ පළාත් ඇළ‘‘ව්‍යාපෘතිය ජනපති අතින් විවෘත වෙයි

(උදයම්,කොළඹ)  –   ‘වයඹ පළාත් ඇළ‘‘ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි.
වයඹ පළාත් ජනතාව දීර්ඝ කාලයක් පුරා මහුණ දුන් ජල ගැටළුව නිමාවට පත් කරමින් වයඹට ජලය ලබාදීමේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය වන ‘‘වයඹ පළාත් ඇළ‘‘ ව්‍යපෘතිය අද පෙරවරුවේ විවෘත  කෙරුණි.

මී ඔය, ඉහළ ජලාධාර පෝෂක ප්‍රදේශයට හා හක්වටුනා ඔය ජලාශයට මහවැලි ජලය හරවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයන්හි පිහිටි වැව් කිහිපයපක් පෝෂණය කළ කෘෂිකර්මාන්තය නගා සිටුවීමටත් ජල හිඟය හේතුවෙන් ඇති වන පීඩාවන් අවම කිරීමත් අරමුණු කරගනිමින්, වයඹ ඇළ ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

ව්‍යෘපෘතිය නිමවීමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි එක්ලක්ෂ පන්දහසක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට ලබාගැනීමට හැකියාව පවතියි.

ප්‍රදේශය තුළ පිහිටා ඇති කුඩා වැව් 300ක් සහ ප්‍රධාන වැව් 08ක් මහවැලි ජලයෙන් පෝෂණය කෙරෙන අතර හක්වටුනා ඔය ජලාශය යටතේ හෙක්ටයාර 2500කට පමණද මීඔය ජලාධාර පද්ධතියේ සමස්ත ගොවි බිම් හෙක්ටයාර 12,000කට වඩා යළ මහ දෙකණ්නයේ වගා කටයුතු සඳහා වාරි ජලය සැපයීම මෙමගින් සිදුකෙරෙයි.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ ඇස්තමේන්තු ගත කර ඇති අතර එම ව්‍යාපෘතිය 2024 දී අවසන් කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ දැනට පවතින වකුගඩු රෝගය සඳහා ද හේතු වන උග්‍ර පානීල ජල ගැටළුවට පිළියම් ලැබීම හා ඉදි කිරීම් හේතුවෙන් සෘජු හා වක්‍ර රැකියා රැසක් ද උදා වන බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය දිනාදීමට අපි කටයුතු කළා – රනිල් [VIDEO]

Mohamed Dilsad

මැයි රැළි අවලංගුයි

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් 9 වන දිනටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

Leave a Comment