ක්‍රීඩා

මැතිව්ස් හා ළහිරු යළි දිවයිනට

(UTV| කොළඹ) – තරග 3කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්  හා ළහිරු ගමගේ යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

මැතිව්ස්  පෞද්ගලික හේතුවක් මතද , ළහිරු ආබාධයකට ලක් වීම හේතුවෙන්ද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ දිවයිනට පැමිණෙන්නේ, ඔහු පළමු තරගය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ඒ අනුව ඔවුන් දෙදෙනා වෙනුවට ධනුෂ්ක ගුණතිලක හා දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට කෙදෙව් දූපත් කරා අද රාත්‍රියේ පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බංග්ලාදේශ සහ ඉන්දීය අතර ටෙස්ට් තරගාවලියේ දෙවන තරඟය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා ගත ශුද්ධ ලාභයක්

Mohamed Dilsad

දසුන් ශානක දෙවැනි ගමන ගිය හැටි

Mohamed Dilsad

Leave a Comment