ප්‍රමුඛ පුවත 1

යශෝධ රංගේබණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පසුගිය 06 වනදා අළුයම හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය, කොට්ටපිටිය මංසන්දියේදි යශෝධ රංගේබණ්ඩාර ගමන් ගත් වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් නිවසකට කඩා වැදීමෙන් අනතුරක් සිදු වුණි.

එහිදී කැබ් රථයට සහ නිවසට හානි සිදුවූ අතර තුවාල ලැබූ යශෝධ රංගේබණ්ඩාර ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අත්අඩංගුවට ගත්තේය.

මෙහිදී පොදු දේපල සාවද්‍ය ලෙස පරිහරණය, බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කිරීම සහ තහනම් පිහි ආඥාපනත යටතේ වරදක් සිදු කිරීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමූපකාර දින ජාතික සැමරුම් උළෙල මඩකලපුවේදී සැමරේ

Mohamed Dilsad

මෙරට ජලාශවල ජලජ ශාක වගා කිරීමට පුද්ගලික අංශයට ආරාධනා

Mohamed Dilsad

ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක්

Mohamed Dilsad

Leave a Comment