ප්‍රමුඛ පුවත 1

දිවුරුම් දුන් නව අමාත්‍යවරු මෙන්න(UPDATE)

(UTV| කොළඹ) – නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 05 දෙනෙකු අද දිවුරු දුන්නේය.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේය.

ඒ අනුව රංජිත් අලුවිහාරේ මහතා – සංචාරක සංවර්ධන සහ ක්‍රිස්ත්‍රියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,ලකී ජයවර්ධන මහතා   – කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ,කාදර් මස්තාන් මහතා – නැවත පදිංචි කිරීම, පුනර්ත්ථාපන, උතුරු සංවර්ධන සහ හිංදු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද,එඩ්වඩ් ගුණසේකර මහතා – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ,නලීන් බණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන හා කළමණාකරන, නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුණි.

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් හය දෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධුරවල අද (12) පෙරවරු 9.00 ටව දිවුරුම්දීමට නියමිතය.

එ්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

අජිත් මාන්නප්පෙරුම, රංජිත් අලූවිහාරේ, නලින් බණ්ඩාර, බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන සහ එඞ්වඞ් ගුණසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස මෙහිදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී ලකී ජයවර්ධන මහතා කදුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අජිත් මාන්නප්පෙරුම මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ඇති බව වාර්තාවේ.

රංජිත් අලූවිහාරේ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ එඞ්වඞ් ගුණසේකර අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

නලින් බණ්ඩාර රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් බුද්ධික පතිරණ වෙළද වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අද දිවුරුම් දෙනු ඇති බව සඳහන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකාවේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නෑ.රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වේ [VIDEO]

Mohamed Dilsad

පොල්ගහවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් අයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment