ප්‍රමුඛ පුවත 1

75වන උදා ගම්මානය ජනතා අයිතියට

(UTV|මඩකලපුව) – නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 75වන උදා ගම්මානය වන මඩකළපුව දිස්ත්‍රික්කයේ කෝරළේ පත්තු, කන්නගිපුරම් හි “පුල්ලෛ නගර්” අද (04) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ.

මෙහි මුළු නිවාස ගණන 25කි. මෙහි ඉදිකිරීම් කටයුතු 2016 වසරේ ජූනි 03දා වන අතර නිවාස ඉදිකරගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ලබා දී තිබේ.

මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 2.5කි. සෑම නිවසකටම පර්චස් 10 බැඟින් ලබාදී තිබේ.

ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 19කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් වර්ජනයකට නොයා සාකච්ඡාවකින් විසඳීමට කටයුතු.

Mohamed Dilsad

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග සහයෝගීතා ගිවිසුමක්

Mohamed Dilsad

මධ්‍යම පළාත් ආණ්ඩුකාර සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment