විදෙස්

නිකලස් මධුරෝ යළිත් වෙනිසියුලානු ජනපති වෙයි

(UTV|වෙනිසියුලාව) – නිකලස් මධුරෝ දෙවන වරටත් වෙනිසුවේලානු ජනාධිපතිවරණය ජය ගෙන තිබේ.

ඒ අනුව නිකලස් මුධුරෝ ඉදිරි වසර 6ක කාලය තුළ එරට ජනපති ධුරය හොඹවනු ඇති.

මෙවර පැවති ජනාධිපතිවරණය සඳහා එරට විපක්ෂය සිය ඡන්දය භාවිත කිරීමෙන් වැළකි සිටියේ ය.

වෙනිසුවේලාව තුළ පවතින දරුණු ආර්ථික අවපාතය, ආහාර හිඟය ඇතුළු අර්බුදකාරි තත්ත්වය හමුවේ පැවති මෙවර ජනාධිපතිවරණය සඳහා සිය ඡන්දය භාවිත කර ඇත්තේ, එරට මුළු ජනගහනයෙන්, 46%ක පිරිසක් පමණි.

මේ අතර එරට ප්‍රධාන විපක්ෂ නායක හෙන්රි ෆැල්කන්, මෙම ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ, වෙනිසුවාලවට නව ජනාධිපතිවරණයක් අවශ්‍ය බවයි.

මිලියන 5.8කගේ ඡන්දය නිකලස් මධුරෝ ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 67.7%ක් , විපක්ෂ නායක ෆැල්කන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව මිලියන 1.8ක් වන අතර ප්‍රතිශතයක් වශයෙන් 21.1%ක් බව වෙනිසුවෙලානු ජාතික මැතිවරණ කවුන්සිලය නිවේදනය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද දායකයින් පාලක පක්ෂයටත් විපක්ෂයටත් පාඩමක් උගන්වයි

Mohamed Dilsad

ගෑස් ටැංකියක් පුපුරා යයි.35ක් මරුට

Mohamed Dilsad

ඇමසන් ගින්න නිවන්න බොලීවියාවේ ලොව විශාලතම ගුවන් යානය පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment