ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු වැඩි කිරීම යෝජනාව කැබිනට් මණ්ඩලයට

(UTV| කොළඹ) – ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු කොපමණ ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු ද යන්න පිළිබද යෝජනාව හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්වෙන බවය.

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව සියයට 20 ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළේය.

එසේ නොමැති වුවහොත් ලබන 17 වනදා සිට වර්ජනයකට සුදානම් බවද ඔවුන් අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලි රොෂාන් ඇතුළු 8ක් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

පානීය ජල බෝතල්වල මිල සහ ප‍්‍රමිතිය පිළිබඳ වාර්තාවක් ජනපති ඉල්ලයි

Mohamed Dilsad

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment