ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු වැඩි කිරීම යෝජනාව කැබිනට් මණ්ඩලයට

(UTV| කොළඹ) – ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු කොපමණ ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු ද යන්න පිළිබද යෝජනාව හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්වෙන බවය.

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව සියයට 20 ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළේය.

එසේ නොමැති වුවහොත් ලබන 17 වනදා සිට වර්ජනයකට සුදානම් බවද ඔවුන් අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය වෙසක් උත්සවය පිලිබඳ සාකච්ඡාවක්.

Mohamed Dilsad

ගුරු සහ විදුහල්පතිවරුන් තවමත් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම රටේ ප්‍රතිපත්තිය විය යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment