ප්‍රමුඛ පුවත 1

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි බන්ධනාගාරයට

(UTV| කොළඹ) – මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මේ මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ, ඊට අදාළ නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් ඉදිරියේ සලකා බැලූණු අවස්ථාවේදීය.

එහිදී සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇත්තේ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

විභාග සමත්වීම සේම ජීවිතය සමත්වීම පිළිබඳ දැනුම විෂය මාලාවට ඇතුළත්විය යුතුයි – ජනපති

Mohamed Dilsad

දුම්රියක මැදිරි වෙන් වෙයි

Mohamed Dilsad

Leave a Comment