ක්‍රීඩා

රෆායල් නඩාල් මැඩ්රීඩ් ටෙනිස් තරග වට 50 පසු කරයි

(UTV| කොළඹ) – ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තරග ස්පාඤ්ඤයේදී ඊයේ පැවැත්විණ.

ආර්ජන්ටිනාවේ දියෙගෝ ශ්වෝස්මන් ලොව අංක එකේ ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග තරග කළේය.

තරඟයේ පළමු වටය ලකුණු 6ට 3ක් ලෙස නඩාල් ජය ගත්තේ ය.

ඔහු දෙවන වටය ජය ගත්තේ, ලකුණු 6ට 4ක් ලෙස ය.

ඒ අනුව වට 2ට 0ක් ලෙස නඩාල් තරගය ජය ගත්තේ ය.

එම ජයග්‍රහණයත් සමග නඩාල් මැටි සහිත ටෙනිස් පිටියකදී ටෙනිස් තරග වට 50 සීමාව පසු කළේ ය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණය ගැන මට විවේචනයක් නැහැ” – මුරලි

Mohamed Dilsad

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතය එළඹෙන 5 වනදා නම් කරයි

Mohamed Dilsad

කොවිඩ් එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලැයිස්තුවට ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවේ

Mohamed Dilsad

Leave a Comment