ප්‍රමුඛ පුවත 1

දුම්රිය අනතුරු වලින් දෙදෙනෙකු මරුට

(UTV| කොළඹ) – මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්න දුම්රිය මාර්ගයේදී සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ඊයේ(10) රාත්‍රියේ සිදු වූ එම අනතුරින් තුවාල ලැබූ ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ය.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ, 79 හැවිරිදි සුදුහුම්පළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර හබරාදුව කොග්ගල ප්‍රදේශයේදී වෑන් රථයක දුම්රියක් ගැටී තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සිය රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් ගේට්ටු මුරකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුඩු හංසි අත්අඩංගුවට

Mohamed Dilsad

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය හෙටින් අවසන්

Mohamed Dilsad

සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment