ප්‍රමුඛ පුවත 1

මෙරටින් රත්‍රන් පැන්නු 6ක් අහුවෙයි

(UTV|ඉන්දියාව) – නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරට සිට ඉන්දියාවට රත්‍රන් රැගෙන ගිය පුද්ගලයින් 06 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී රත්‍රන් කිලෝ ග්‍රෑම් 32කට අධික තොගයක් සොයා ගෙන ඇත.

ඉන්දියාවේ චෙන්නායි හි පැය 24ක කාලයක් තුළ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධීව රැගෙන එන ලද රත්‍රං සමඟ මෙම සැකකරුවන් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙම රත්‍රන් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10කට අධික බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මෙරටින් රැගෙන යන රත්‍රන් තමිල්නාඩු වෙරලබඩ ප්‍රදේශ වෙත රැගෙන ගොස් එම රත්‍රං අළෙවිය සඳහා චෙන්නායි නුවරට ප්‍රවාහනය කෙරෙන බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය, හමුදා ලාංඡනයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ කමීටු වාර්තාව ජනපතිට

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පත් කළේ වසර 30 කට පසුවයි – ජනපති

Mohamed Dilsad

Leave a Comment