ප්‍රමුඛ පුවත 1

මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් -රජයෙන් නිවේදනයක්

(UTV| කොළඹ) – 2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගුයි; ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් බවට පත් වෙයි.

ජාතික වෙසක් සතිය 2018 අප්‍රේල් 26 දින සිට 2018 මැයි 02 වන දින දක්වා යෙදීම හේතුවෙන්, ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018 මැයි 01අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු කර ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් විය යුතු බව 1971 අංක 29 දරන නිවාඩු පනතේ 10 (1) (ආ) වගන්තියෙන් හා 11 (1) (ආ) වගන්තියෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් 2018 අප්‍රේල් මස 06 වැනි දින ගැසට් පත්‍රය මගින් නියමයක් ප්‍රකාශයට පත් කොට ඇත.

මෙම නියමය ප්‍රකාරව ලෝක කම්කරු දිනය සැමරීම සඳහා 2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු වෙයි. ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් බවට පත් වෙයි.

සෑම සේවායෝජකයකුම තමා යටතේ සේවයෙහි යොදවා ගෙන සිටින්නාවූ සියළුම කම්කරුවන්ට 1971 අංක 29 දරණ නිවාඩු පනත යටතේ සැලකෙන ආණ්ඩුවේ නිවාඩු දවස් පඩි සහිත නිවාඩු දින වශයෙන් දිය යුතුය. මැයි දිනය ද එයින් එක් නිවාඩු දිනයක් වන අතර එබැවින් ඉහත වෙනස්කම වෙළෙඳ නිවාඩු උදෙසාද අදාළ වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැටන් ප්‍රදේශයේ ජල කප්පාදුවක්

Mohamed Dilsad

ඇමෙරිකා – චීන වෙළඳ යුද්ධය දරුණු අතට

Mohamed Dilsad

අක්මීමන පාසලකට බලහත්කාරයෙන් ඇතුලුවීමට ගිය පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment