ප්‍රමුඛ පුවත 1

විශ්වාසභංගය ගැන අවසන් තීන්දුව අද

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා කිහිපයක් අද (02) පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (02) පස්වරු 3 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන අතර එම විශේෂ සාකච්ඡාවේදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇත.

එසේම විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද ජනාධිපති නිල නිවසේදි රැස්වීමට නියමිතය.

මේ අතර විශ්වාසභංග යෝජනාව පිළිබඳව සහ ඉදිරි දේශපාලන තත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වනු  ඇත.

ඒ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද පැවැත්වීමට නියමිතයි.

එසේම විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානය ද අද රැස්වේ.

එහිදී විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව අනිද්දා පෙරවරු 9.30 සිට රාත්‍රී 9.30 දක්වා විවාදයට ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුවයි ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමුදා උත්තමාචාරය නොපැවැත්වීමට ජනාධිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

නීතිය, පාසල් විෂය පථයට – අධිකරණ ඇමති

Mohamed Dilsad

ගාල්ල ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝව සමඟ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment