ක්‍රීඩා

ඩේවිඩ් මිලර් ඉදිරි තරග වලට සහභාගීවීම අවිනිශ්චිතයි

(උදයම්,කොළඹ)  –  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ඉදිරි එක්දින තරඟ සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩක ඩේවිඩ් මිලර් සහභාගි නොවන බව විදෙස් ක්‍රීඩා වාර්තා පවසයි.

ඊට හේතුවවී ඇත්තේ දෙවන එක්දින තරඟයේදී පන්දු රැකීමේදී සිදුවු ආබාධ තත්ත්වය හේතුවෙනි.

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයේදී පන්දු 98 කින් ලකුණු 117 ක් රැස් කළ ඩේවිඩ් මිලර්, දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රහණය තහවුරු කළේය.

ඔහුගේ ආබාධ තත්වය සුව අතට පත්වීමට සතියකට වැඩි කාලයක් ගතවනු ඇති බවට වෛද්‍යවරුන් පවසා ඇත.

ඒ අනුව ලබන 17 වනදා නවසීලන්තයට එරෙහිව ආරම්භ වන තරගාවලියට ද මිලර්ගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්වයක පවති.

කෙසේවෙතත් ඩේවිඩ් මිලර් වෙනුවෙන් කණ්ඩායමට යොදන ක්‍රීඩකයා පිළිබඳ මෙතෙක් හෙළිවී නොමැත.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන එක්දින තරගය හෙට ජොහැනස්බර්ග්හි දී පැවැත්වීමට නියමිතයි.

Related posts

නුවන් කුලසේකරගේ සමුගැනීම ගැන මුරලි කිව්වා කතාව

Mohamed Dilsad

ශ්‍රී ලංකා එක්දින නායකත්වයට නවකයෙක්?

Mohamed Dilsad

ආසියානු ක්‍රිකට් සභාපති ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment