ප්‍රමුඛ පුවත 1

නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කර ගනිමින් වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය

(UTV| කොළඹ) – මේ වසරේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කර ගනිමින්, දෙරට අතර වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් (Hon. S. Iswaran) මහත්වරුන් අතර පැවති සාකච්ඡාවන්හි දී අවධාරණය කෙරිණි.

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ඇති කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් දායකත්වය සිංගප්පූරු රජයේ විශේෂ පැසසුමට ලක්වන බව ද ඊස්වරන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

02 වන දා උදෑසන සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේ දී මේ සාකච්ඡාව පැවැත්විණි. නිදහස් වෙළඳ ගිවිසුමෙහි ප්‍රතිඵල ලෙස සිංගප්පූරු ව්‍යවසායකයින් ගණනාවක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට අපේක්‍ෂාවෙන් සිටින හෙයින්, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරලීම උදෙසා කඩිනම් ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සාධාරණයක් ඉල්ලා සරත් ෆොන්සේකා අධිකරණයට යාමට සුදානම්

Mohamed Dilsad

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

Mohamed Dilsad

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය දුරකථන සංවාදයක

Mohamed Dilsad

Leave a Comment