ප්‍රමුඛ පුවත 1

අම්පාරේ තත්ත්වය පාලනය කෙරේ

(UTV| අම්පාර) – අම්පාර නගරයේ ඊයේ (26) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ ආපන ශාලාවකින් ආහාර ලබාගැනීමේදී කඩ හිමියා සහ පාරිබෝගිකයන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් දුරදිග යාම හේතුවෙන් මෙම නොසුන්සුන්කාරී තත්ත්වය හට ගෙන තිබේ.
ආහාර ලබා ගැනීමට පැමිණි පිරිස් අදාළ ආපන ශාලාවට ප්‍රහාර එල්ල කර ඇති අතර තවත් ව්‍යාපාරික ස්ථාන කිහිපයකට සහ අසල තිබූ ආගමික  සිද්ධස්ථානයකට ද හානි සිදුකර ඇති බව වාර්තාවේ.
පසුව මොවුන් එම ව්‍යාපාරික ස්ථාන අසල නවතා තිබූ රථවාහන කිහිපයකටද හානි සිදුකර තිබේ.
පවතින තත්ත්වය හමුවේ පොලීසිය ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගත් අතර ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද රාත්‍රියේ දීම කැඳවීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අම්පාර ප්‍රදේශයේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර අද

Mohamed Dilsad

පොලිස් නිළධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment