ප්‍රමුඛ පුවත 1

රත්‍රන් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 3.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ගෙන තිබේ.

ඒවා නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ප්‍රවාහනය කරමින් තිබී ඇත.

මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම පුද්ගලයින් ග්‍රෑම් 100 කැබලි 37 ක් වශයෙන් ඩිංගි යාත්‍රාවක් තුළ සූක්ෂම ලෙස සඟවා මෙම රත්‍රං තොගය ප්‍රවාහනය කරමින් තිබුණි.
කන්කසන්තුරය ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේදී ඔවුන් නාවික හමුදා භාරයට පත් වූ අතර, එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 2 කට අධික බැව් සැක කෙරේ.
අත්අඩංගුවට පුද්ගලයින්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වවුනියාවෙන් ඇසෙන සංවේදී කතාව

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරින් 16,800 කට පත්වීම් ලබාදීම හෙට

Mohamed Dilsad

රාජපක්ෂට අමතක වූ වගා හානි වන්දිය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment