ප්‍රමුඛ පුවත 1

වායුගෝලය කැළඹෙයි.ඇතැම් ප්‍රදේශ වලට තද වැසි

(UTV| කොළඹ) – ඉදිරි පැය 24 ක කාලය තුළ ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට මිලි මීටර 150 ක් පමණ වු වර්ෂාපතනයක් ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අද දහවල් 12 ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව ද එම නිවේදනයේ දැක්වෙයි.
දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර දකුණු සහ බස්නාහිර පළාත් වල සමහර ස්ථානවලට තද වැසි (මි.මී. 100 පමණ) ඇති විය හැකි බව ද වාර්තා වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ අංශ අනතුරු අඟවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් වන සාකච්ඡාවක්

Mohamed Dilsad

රොබෝවරුන් නිසා 2030 දී රැකියා මිලියන 20 ක් අවදානමට

Mohamed Dilsad

ඩයිනමයිට් යොදා මසුන් මැරීමට එරෙහිව දැඩි නීති – අමාත්‍ය මහින්ද අමරවීර

Mohamed Dilsad

Leave a Comment