ව්‍යාපාරික

ලොතරැයිපත් 1 වෙනිදා සිට පෙර පැවතී මිලට

(උදයම්,කොළඹ ) –  පෙබරවාරි 01 වන දා සිට යළි ලොතරැයි මිල රුපියල් 20 දක්වා අඩු කෙරෙන බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කරයි.

මීට පෙර ලොතරැයිපතක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.

ඉන්පසු ලොතරැයි අලෙවිය විශාල වශයෙන් පහත වැටුණි.ඒ අනුව ලොතරැයි අලෙවිකරුවන් සහ නියෝජිතයන්ද මිල ඉහල දැමීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වීය.

පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ලොතරැයි පතක් පෙර පැවැති රුපියල් 20ක මිලට අලෙවි කිරීමට තීරණය කෙරිණ.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක සහන මල්ලක්

Mohamed Dilsad

මිරිදිය ධිවර නිෂ්පාදනය ලබන වසර අවසන් වීමට පෙර දෙගුණයකින් වැඩිකිරීමට පියවර

Mohamed Dilsad

ඩොලරයේ අද තත්ත්වය

Editor O

Leave a Comment