ප්‍රමුඛ පුවත 1

ලෝක තෙත් බිම් ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

(UTV|කොළඹ) – 2018 ලෝක තෙත් බිම් දින ජාතික වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  පෙබරවාරි 02දා පෙ.ව. 9.00 ට බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය සංවිධානය කරනු ලබයි. 1971 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වැනි දින ලෝක තෙත්බිම් දිනය වශයෙන් ලෝකය පුරා උත්සවාකාරයෙන් සමරනු ලබයි‍.
පරසර පද්ධතියක් වශයෙන් තෙත් බිම් යනු අතිසංවේදී විශේෂ පාරිසරික හා සමාජයීය කාර්යභාරයකටදායක වන පරිසර පද්ධතියක් බැවින් එය රැක ගැනීම සඳහා ලෝක මට්ටමින් පියවර ගෙන ඇත. 1971 වර්ෂයේ පෙබරවාරි 02දා ඉරානයේ රැම්සා නගරයේදී තෙත්බිම් සම්බන්ධ මූලික එකඟතාවයකට ලෝක නායකයින් පැමිණි නිසා එම එකමුතුව රැම්සා සම්මුතිය වශයෙන් හඳුන්වයි.
සමස්ත පෘථිවි පෘෂ්ඨයෙන් 6% ක් තෙත්බිම්වලින් ආවරණය වන අතර, එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ද 15% ක් තරම් ඉහළ අගයක් ගන්නා නිසා පරිසර පද්ධතියක් වශයෙන් වැඩි වටිනාකමක් මෙම පරිසර පද්ධතියට හිමි වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යාපනයේ විද්‍යා දැරියගේ සිද්ධියේ පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

මීතොටමුල්ල අවදානම් කලාප හඳුනාගැනීමේ කටයුතු අවසන් කිරීමට සුදානම්

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment